ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ චින්තන ලෝකය හා සංඥා භාෂාව…

ජනවාරි 18, 2010

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ මවුභාෂාව සංඥා භාෂාවයි. එය තනිකරම දෘෂ්‍ය මාධ්‍යය හා බැදී පවතින්නකි. එහිදි සියල්ල සිතනුයේ රෑපමය හා සංකේතමය සිතුවිලි සමූහයක් එකිනෙක හා සම්බන්ධකර ගනිමින් ගොඩ නගා ගත් ඔවූන්ටම ආවේනික භාෂාවකි. එය සාමාන්‍ය පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් වූ හා ඔවූන්ට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ ක්‍රියාදාමයකි.
උදාහරණයක් ලෙස මහනුවර යනුවෙන් ගත් විට ඔවුන් සිතනුයේ වචනය අනූව නොව ඒ හා බැදී පවතින රූපය අනූවය. එනම් එනම් බුදුවහන්සේගේ දන්තධාතුව තැන්පත් කර ඇති මන්දිරය පිහිටි තැන, පුරාණයේ සිට දලදා පෙරහැර පැවැත්වෙන ප්‍රදේශය ආදී වශයෙනි. ඇමසන් වනාන්තරය ගත්තද එසේමය. එහි පිහිටීම හා රට අනූව දල චිත්‍රයක් මවා ගනී. බියකරු දැවැන්ත සර්පයින්(Aනචොන්ඩ)ගැවසෙන ප්‍රදේශයක්, ලෝකයේ විශාලතම වනාන්තරය ආදි වශයෙන් රූපමය සංකේත වශයෙන් දිගටම බැදී ගිය විත්‍රයකිනි. එසේ මවාගන්නා දල චිත්‍රය සංඥා භාෂාව හරහා අනෙකාට සන්නිවේදනය කිරීම සිදුකරයි.
මෙහිදී ලිඛිතමය භාෂාවට වඩා රූපමය භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඒ අනූවම තම චින්තනය ඉදිරියට ගෙන යයි. බොහෝවිටම ඔවුන්ගේ මොලයේ දකුණු පැත්ත අධික්‍රියාකාරීව පවතින අතර රූපමය මාධ්‍යය හරහා එහි දත්ත තැන්පත් කරගන්නා ආකාරය හා සිතිවිලි හුවමාරු කරගන්නා ආකාරය විස්මයජනක මෙන්ම විටෙක ඉතා සරල හා ඔවූන්ටම ආවේනික සූන්දර ලෝකයකි.
ලංකාව තුල තවමත් ප්‍රාථමික මට්ටමක හා සාමාන්‍ය මිනිසූන් විසින් අවඥාවට හා පහත්ලෙස දැකීමට හුරුව ඇති මෙය, ජපානය, ස්වීඩනය ආදී රටවල මෙය ඇදහිය නොහැකිලෙස ඉතාදියුණු තලයක පවති.

ඔබ කුඩා කාලයේ සිටම පියවරෙන් පියවර ඇසීම ලිවීම කියවීම හරහා ගොඩ නගාගත් වචන හා සංකල්ප හරහා මේ දක්වා ඔබගේ මොලය තුල පිහිටි නියුරෝන ජාලය හරහා යම් තීරණයක් ගන්නේ යම් සේද එය සිදුවනේ කෙසේදැයි ඔබම අධ්‍යනය කරන්න. එය රූපමය මාධ්‍යට වඩා ලිඛිතමය මාධ්‍යට බර වැඩි බව බව උපකල්පනය කල හැක්කේ ඔබගේ දෙසවන් ලෝකය හා සම්බන්ධීකරනය කරනා බැවිනි.

එලෙසින්ම උපතින්ම බිහිරි පුද්ගලයෙකු රූපමය මාධ්‍යය හරහා කුඩා කල සිටම මේ ලෙසින් මොලය හැඩගස්වාගෙන ඇති විටෙකැ ඔවූන්ට ක්ෂණිකව විශාල තීරනයක් ලබා ගැනීමේදි ක්ෂනයකින් එවැනි රූපාවලීයක් ගැටගසා ගැනීම අසීරු කාරණයක් නොවන බැව් සිහිපත් කල යුතුය. කෙසේ වූවද සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මෙවැනි තීරණයක් ගැනීමේදී තරමක වැඩිකාලයක් ගන්නා අතර, විටෙක එවැනි තීරනයක් ගැනීමට අපොහොසත් වූවහොත් ඔවුන් ක්ෂණික කෝපයට පත්වීමකට පත් වන අයුරු දක්නට ලැබේ. (ගොලුවන්ට ඉක්මනට තරහා යනවා යැයි සාමාන්‍ය ජනතාව අතර මතයක් ඇතිවී ඇත්තේ මේ නිසාවෙනි) කෙසේ නමුදු මේ ගැන විමසුම් ඇසින් බැලු කල්හි එය ඔවුන්ගේ ස්වහාවය වන අතර මෙවැනි අවස්ථාවලදී ඔවූන් අපවාදයට ලක් නොකර මධ්‍යස්ථව බැලීම වඩා උචිත යැයි මම සිතමි.

ඉදිරියේදී මා විසින් මේ ගැන තවදුරටත් පැහැදිලි කරදීමට බලාපොරොත්තුවෙමි. මේ සදහා ඔබගේ ප්‍රතිචාර ඉමහත් ලෙස අගය කරමි.

Advertisements

6 Responses to “ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ චින්තන ලෝකය හා සංඥා භාෂාව…”


  1. නියම ලිපියක්!

    දිගටම ලියන්න, මේ ගැන ඉදිරියේදී කියවා අදහසක් දෙන්නම්. ඔබ කියන්න හදන්නේ කුමක්දැයි කුමක් ගැනදැයි මට දැනට හරි හැටි වැටහීමක් නෑ.

    මාද අධි ශ්‍රව්‍යාබාධිත මෙන්ද කථින දුර්වලතා ඇති කෙනෙක්මි. නමුත් සංඥා භාෂාව භාවිතා කර ඇත්තේ අවුරුදු 3දී සුළු කාලයක් පමණි. දැන් ශසවන් වහල හරහා හා තොල් කියවීම තුළින් සවන් දෙන කෙනෙක්මි.


    • එමෙන්ම බිලොග්කරණයට සාදරෙන් පිළි ගන්නවා, දිගටම ලියන්න.

      • ewabalawa Says:

        ඔහ්.. යාන්තම් ඇති පලවෙනි කොමන්ට් එක ඔයාගෙන්. බොහොම ස්තූතියි දිරිගැන්වීමට.
        මම මෙයින් උත්සාහ කලේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සිතන්නේ කෙසේද හා ඔවූන් සිතුවිලි කලමණාකරනය කර ගන්නා අයුරු පිලිබදව සාමාන්‍ය ජනතාවට යම් අවබෝධයක් දීම සදහාය.
        (දන්නවනේ. මේ දුප්පත් ලංකාවෙ ඔය අහිංසක මිනිස්සු ගොළු බාසාවෙන් කතාකරනකොට බහූතරයක් සාමාන්‍ය ජනතාව ඔක්කොම වැඩ පැත්තකින් තියලා ඒ දිහා බලාගෙන ඉන්නෙ හරියට සත්තු ජාතියක් කතා කරන හැටි බලාගෙන ඉන්නවා වගෙයි. මම බස් එකේ යනකොට, පාරෙ යනකොට ඔය අත්දැකීම ඕනතරම් විදලා තියෙන නිසයි මේ විදියට ඒ වේදනාව පිටකරන්නේ.)
        සමහරවිට මා 100% නිවැරදි නොවිය හැකි නමුදු මා මේ ලිපිය සදහා උපරිම උත්සාහය යොමු කලෙමි.


  2. එලෙළ, එසේත් නැතුව කොහොමැයි සහෝ?

    ඔයාගේ උත්සහය මම ඇත්තෙන්ම අගය කරනවා.

    මම හොදින් තේරුම් ගන්න පුළුවන් ඔයාගේ අපහසුතාවය හා පීඩනය. කතා කරන උග්‍ර ශ්‍රව්‍යාබාධිත කෙනෙක් වුණත් මගේ සවන් වහල දකින පුද්ගලයින්ගේ හැසිරීම්, පෙර පාසල් කාලයේ සිටම අත්විදී අත්දැකිම් හා අපහසුතා තවම මට මතකයි. මට එයත් එසේ නම් සහෝදර සහෝදරියන් ගැන කවර කතාද?

    ඔබේ ඉදිරි ලිපි පළ වෙනතුරු මං බලාන ඉන්නවා. ඔබ දන්නා වෙනත් ශ්‍රව්‍යාබාධිත මිතුරන්ද සිටි නම් ඔවුන්වත් බිලොග්කරණයට ඇතුල් කරන්න හෝ අවස්ථාවක් දෙන්න. මන්ද අත්තර්ජාලය තුළින් ශ්‍රව්‍යාබාධිත කෙනෙකුට තමාට මඟ හැරුණු/ මඟ හැරෙන බොහෝ දේවල් ලැබෙන නිසා.

    ස්තුතියි!

  3. වැප් Says:

    සතුටුයි … මන්දයත් අප අතරම සිටින ….. ෙනාදන්නා පැත්තකි ….

  4. දුකා Says:

    ඇත්තෙන්ම මේක ගොඩක් වටින ලිපියක්. වෙලාවල මූනු පොතේ දාන්න ඕන මේ ලිපිය . . .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: