මින් ඉහළට ඇති දහම් ගුණය ඒහිපස්සික ගුණයයි.  එය විසිහතර වැන්නෙන් උඩට බලාගෙන එන විට දොළොස් වැනි ගුණ කදයි.  මෙබදු හේතුවෙන් මතු මෙබදු ඵලයක් වේයැයි දකින විට ඒ ඵලද තිර නැත, කැමති සේ නැත, එබැවින් දුක් ගෙනදේ, මමය මාගේය අල්ලන්නට කිසිත් හරයක් නැත.  එබදු ඵලයක් විද්‍යාමාන කරන මේ බලාපොරොත්තුව මේ තෘෂ්ණා සහගත වැඩ පිලිවෙලද නිස්සාර වෙහෙසකියි දැන හේතුවෙහි කලකිරෙයි.  කලකිරෙන්නේ නොඇලෙයි.  නොඇලෙන්නේ මිදෙයි… මෙසේ ඒ හේතුව මතු වන තැනදීම පහවී යයි.  මේ ඒහිපස්සික ගුණයයි.  විදසුන් නුවණින් බලන ඒ ආර්ය ශ්‍රාවකයාණන් මෙසේ මේ ගුණයටද ඇතුලු වෙති.


ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුගේ මවුභාෂාව සංඥා භාෂාවයි. එය තනිකරම දෘෂ්‍ය මාධ්‍යය හා බැදී පවතින්නකි. එහිදි සියල්ල සිතනුයේ රෑපමය හා සංකේතමය සිතුවිලි සමූහයක් එකිනෙක හා සම්බන්ධකර ගනිමින් ගොඩ නගා ගත් ඔවූන්ටම ආවේනික භාෂාවකි. එය සාමාන්‍ය පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් වූ හා ඔවූන්ට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ ක්‍රියාදාමයකි.
උදාහරණයක් ලෙස මහනුවර යනුවෙන් ගත් විට ඔවුන් සිතනුයේ වචනය අනූව නොව ඒ හා බැදී පවතින රූපය අනූවය. එනම් එනම් බුදුවහන්සේගේ දන්තධාතුව තැන්පත් කර ඇති මන්දිරය පිහිටි තැන, පුරාණයේ සිට දලදා පෙරහැර පැවැත්වෙන ප්‍රදේශය ආදී වශයෙනි. ඇමසන් වනාන්තරය ගත්තද එසේමය. එහි පිහිටීම හා රට අනූව දල චිත්‍රයක් මවා ගනී. බියකරු දැවැන්ත සර්පයින්(Aනචොන්ඩ)ගැවසෙන ප්‍රදේශයක්, ලෝකයේ විශාලතම වනාන්තරය ආදි වශයෙන් රූපමය සංකේත වශයෙන් දිගටම බැදී ගිය විත්‍රයකිනි. එසේ මවාගන්නා දල චිත්‍රය සංඥා භාෂාව හරහා අනෙකාට සන්නිවේදනය කිරීම සිදුකරයි.
මෙහිදී ලිඛිතමය භාෂාවට වඩා රූපමය භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඒ අනූවම තම චින්තනය ඉදිරියට ගෙන යයි. බොහෝවිටම ඔවුන්ගේ මොලයේ දකුණු පැත්ත අධික්‍රියාකාරීව පවතින අතර රූපමය මාධ්‍යය හරහා එහි දත්ත තැන්පත් කරගන්නා ආකාරය හා සිතිවිලි හුවමාරු කරගන්නා ආකාරය විස්මයජනක මෙන්ම විටෙක ඉතා සරල හා ඔවූන්ටම ආවේනික සූන්දර ලෝකයකි.
ලංකාව තුල තවමත් ප්‍රාථමික මට්ටමක හා සාමාන්‍ය මිනිසූන් විසින් අවඥාවට හා පහත්ලෙස දැකීමට හුරුව ඇති මෙය, ජපානය, ස්වීඩනය ආදී රටවල මෙය ඇදහිය නොහැකිලෙස ඉතාදියුණු තලයක පවති.

ඔබ කුඩා කාලයේ සිටම පියවරෙන් පියවර ඇසීම ලිවීම කියවීම හරහා ගොඩ නගාගත් වචන හා සංකල්ප හරහා මේ දක්වා ඔබගේ මොලය තුල පිහිටි නියුරෝන ජාලය හරහා යම් තීරණයක් ගන්නේ යම් සේද එය සිදුවනේ කෙසේදැයි ඔබම අධ්‍යනය කරන්න. එය රූපමය මාධ්‍යට වඩා ලිඛිතමය මාධ්‍යට බර වැඩි බව බව උපකල්පනය කල හැක්කේ ඔබගේ දෙසවන් ලෝකය හා සම්බන්ධීකරනය කරනා බැවිනි.

එලෙසින්ම උපතින්ම බිහිරි පුද්ගලයෙකු රූපමය මාධ්‍යය හරහා කුඩා කල සිටම මේ ලෙසින් මොලය හැඩගස්වාගෙන ඇති විටෙකැ ඔවූන්ට ක්ෂණිකව විශාල තීරනයක් ලබා ගැනීමේදි ක්ෂනයකින් එවැනි රූපාවලීයක් ගැටගසා ගැනීම අසීරු කාරණයක් නොවන බැව් සිහිපත් කල යුතුය. කෙසේ වූවද සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මෙවැනි තීරණයක් ගැනීමේදී තරමක වැඩිකාලයක් ගන්නා අතර, විටෙක එවැනි තීරනයක් ගැනීමට අපොහොසත් වූවහොත් ඔවුන් ක්ෂණික කෝපයට පත්වීමකට පත් වන අයුරු දක්නට ලැබේ. (ගොලුවන්ට ඉක්මනට තරහා යනවා යැයි සාමාන්‍ය ජනතාව අතර මතයක් ඇතිවී ඇත්තේ මේ නිසාවෙනි) කෙසේ නමුදු මේ ගැන විමසුම් ඇසින් බැලු කල්හි එය ඔවුන්ගේ ස්වහාවය වන අතර මෙවැනි අවස්ථාවලදී ඔවූන් අපවාදයට ලක් නොකර මධ්‍යස්ථව බැලීම වඩා උචිත යැයි මම සිතමි.

ඉදිරියේදී මා විසින් මේ ගැන තවදුරටත් පැහැදිලි කරදීමට බලාපොරොත්තුවෙමි. මේ සදහා ඔබගේ ප්‍රතිචාර ඉමහත් ලෙස අගය කරමි.

මගේ ප්‍රථම බ්ලොග් සටහන තුලින් අද දින ආරම්භකරන ලෝකසත්වයා වෙනුවෙන් වූ සේවාව මෙතැන් සිට…